Saturday, May 4, 2024

බිම්බෝම්බ ඉවත්කිරීමට ජපානයෙන් මිලියන 115ක්

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂික මෙහෙයුම සඳහා ජපාන රජය එහි බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය (GGP) යටතේ ඇ.ඩො. 811,369ක (රු.මිලියන 115.4ක) ආධාර මුදලක් මෙම ක්‍රියාවලියෙහි නියුතු සංවිධාන දෙකක් සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

DASH සංවිධානයේ ‘උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වන ව්‍යාපෘතිය’ සහ SHARP සංවිධානයේ ‘මිනිස් ශ්‍රමය මගින් උතුරේ බිම්බෝම්බ ඉවත්කිරීම සඳහා වන ව්‍යාපෘතිය’ යන ව්‍යාපෘති සඳහා මෙම මුදල් ලබාදෙන බවත්, අවතැන් වූ උතුරේ ජනතාවට නැවත පදිංචි වී තම ජීවිකාවන් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක වන බිම්බෝම්බවලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ඇතිකිරීමේ වැඩපිළිවෙළ මෙමගින් තවදුරටත් වේගවත් කෙරෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.

මෙම ආධාර ගිවිසුමට අත්සන් කිරීම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී ඊයේ (06දා) ජපාන තානාපති කෙන්ඉචි සුගනුමා, DASH සංවිධානයේ වැඩසටහන් කළමනාකාර ආනන්ද චන්ද්‍රසිරි සහ SHARP සංවිධානයේ වැඩසටහන් කළමනාකාර ලුතින්න කර්නල් (විශ්‍රාමික) වී.එස්.එම්. ජයවර්ධන යත මහත්වරුන් විසින් සිදුකරන ලදී.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles