චෑං, රාජපක්ෂ හමුවේ….!

0
391

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යංශයේදී ඊයේ (03) පැවැත්වින.

විවිධ ආකාරයේ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වන 21 වෙනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම හා වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කරමින් නව පනත් රාශියක් සම්මත කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය එහිදී පැවසුවාය.

එසේම විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන දුෂණ වැළැක්වීම සඳහා නව දූෂණ විරෝධී පනතක් ගෙන ඒම හා ආර්ථික අර්බුදය ජයගැනීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් ජූලි චන්ග් මහත්මිය පැසසුමට ලක් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here