Tuesday, September 24, 2024

චීනයේ අනවසර මසුන් මැරීම්වලට එරෙහිව පාකිස්තානයේ විරෝධතා.

පකිස්තානයේ ග්වාඩර්හි දහස් ගණනක් ධීවර ප්‍රජාව චීන ට්‍රෝලර් යාත්‍රා මගින් සිදුකරන අනවසර මසුන් මැරීමට විරැද්ධව විරෝධතාවල නිරතව තිබේ.

ග්වාඩර් සහ පස්නි ප්‍රදේශවල චීන ධීවර යාත්‍රා මගින් සිදුකරන අනවසර මසුන් මැරීම් හේතුවෙන් තමන් මහත් ආර්ථික සහ සමාජීය දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව ඔවුහු මෙහිදී පැවසූහ.

චීන ධීවර යාත්‍රාවලට පකිස්තානයේ ග්වාඩර් කලාපයේ මසුන් මැරීමට බලපත්‍ර ලබාදීමට ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ රජය කටයුතු කළේ එම බලුකිස්තාන ජනතාවගෙන් නැගුණු දැඩි විරෝධතා මධ්‍යයේය.

මේ වන විට එම බලපත්‍ර අවභාවිතා කරමින් එම ප්‍රදේශයේ දැඩි ලෙස අනවසර මසුන් මැරීම සිදුවන බවට චෝදනා නැගී තිබේ.

ග්වාඩර් වරාය චීනය විසින් ඉදි කර කළමනාකරණය කරනු ලබන අතර එහිදී තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව ද විරෝධතාකරැවෝ මෙහිදී සදහන් කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles