Sunday, December 29, 2024

චීනයේ නගර රැසක් අනතුරේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවිය හැකි ආපදා තත්වයන් නිසා චීනයේ නගර ගණනාවක් දැවැන්ත අවදානමකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

ග්‍රීන්පීස් ඉන්ටර්නැෂනල් ආයතනය දක්වන පරිදි ගංවතුර මෙන්ම දැඩි උණුසුම ද ඉදිරියේදී චීනයේ දැවැන්ත නගර ගණනාවක ජනජීවිතයට බාධා කරනු ඇති බවයි.

නිසි පාලනයකින් සහ සැලසුමකින් තොරවත් දේශගුණික විපර්යාස පිළිබද අවධානය යොමු නොකරත්, සිදුකර ඇති දැවැන්ත ඉදිකිරීම් හේතුවෙන් මෙම නගරවල දේශගුණික බලපෑම් උපරිම වී ඇති බව විශේෂඥ මතය වී තිබේ.

පසුගිය දිනවල චීනයේ හෙනාන් ප්‍රාන්තයේ හටගත් ගංවතුර තත්වය හේතුවෙන්,පුද්ගලයන් තුන්සියයක් පමණ මියගිය අතර දැවැන්ත දේපළ හානියක් ද සිදුවිය.

විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී චීනයෙන් මෙවැනි දැවැන්න හානි වැඩි වශයෙන් වාර්තා වීමෙි ඉඩකඩ ඇති බවයි.

චීනයට අමතරව ලෝකයේ තවත් රටවල් ගණනාවක ප්‍රධාන නගර රැසක් මෙම අවදානමට මුහුණ දී ඇති බව ද ග්‍රීන්පීස් සංවිධානය වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles