චීන ගුවන් යානයක් මගීන් 133 දෙනෙකු සමග කඩා වැටේ

0
610

133 දෙනෙකු රැගත් ගුවන් යානයක් නිරිතදිග චීනයේ කඳුකර ප්‍රදේශයකදී ඊයේ (21) කඩාවැටී තිබෙනවා.

චයිනා ඊස්ටන් එයාලයින් ගුවන් සේවයට අයත් බෝයින් 737 වර්ගයේ යානය කුන්මිං ප්‍රදේශයේ සිට ගුවැන්ෂෝ බලා පියාසර කරමින් තිබුණා. අනතුරෙන් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ. යානය ගුවන් ගත වී පැයක පමණ කාලයකට පසුව අනතුර සිදුව තිබුණා.

චීන මාධ්‍ය වාර්තා කළේ, චීනයේ වුෂෝ නගරය ආසන්නයේ පිහිටි කඳුකර ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව ය.

ගුවන් යානය කඩා වැටීමෙන් පසු කඳුවැටියෙහි ගින්නක් ද හටගෙන තිබේ.

අනතුරින් ජීවිත හානි සිදු වී ඇති ද යන්න පිළිබඳව තවම ත් නොදන්නා අතර මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here