Friday, April 26, 2024

රාජ්‍ය ඇමති නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාර දුන් බව වාර්තා වෙයි.

ඒ මහතා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කළේය.

මීට ටික දිනකට පෙර සිට ම වරින් වර, රාජ්‍ය ඇමති නිමල් ලන්සාගේ අමාත්‍ය ධුරය පිළිබඳ ගැටලු කිහිපයක් මතු වුණා.

අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් කරන මෙන් නිමල් ලන්සා මහතා කිහිප වතාවක් ම ඉල්ලා සිටි අතර, මෙම ගැටලුවට විසඳුමක් නො ලැබීම හේතුවෙන් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වූවා ද යනුවෙන් නිශ්චිත ආරංචියක් නොමැත.

පසුගිය කාලය පුරාවටම නිමල් ලාන්සා මහතා ආණ්ඩුව තුළ දැඩි කළකිරීමෙන් සිටි බව ඔහුගේ සමීපතමයින් සදහන් කළා.

ඒ මහාමාර්ග අමාත්‍යංශය තුළ ඔහුට අදාළ වැඩකටයුතු කරගෙන යෑමට අදාළව කිසිදු සහයක් නොදීම හේතුවෙනි.

මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles