Saturday, January 11, 2025

චීන පාලනය විවේචනය කළ නීති මහාචාර්යවරයාට වැඩ වරදියි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂ පාලනය සහ ජනාධිපති ෂී ජින් පිං විවෙචනය කළ, නීතිය පිළිබද මහාචාර්යවරයෙකු අත්අඩංගුවට ගැනීමට සහ නිවාස අඩස්සියට පත් කිරීම සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම ඉරණමට මුහුණ දී ඇත්තේ, ෂින්ගුවා සරසවියේ නීතිය පිළිබද මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ෂූ ෂැන්ග්රන්ය.

2020 වසරේ මැයි මාසයේ දී මෙම මහාචාර්යවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය සහ ජනාධිපති ෂී ජින් පිංගේ කටයුතු විවෙචනයට ලක් කරමින් වචන දසදහසකින් යුත් පර්යේෂණ ලේඛනයක් සකසා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා වෘත්තීයට පුද්ගලයන් සම්බන්ධ කරවීමේ චෝදනාවක් මතය.

ඉන් අනතුරුව මහාචාර්යවරයාව, අත්අඩංගුවෙන් නිදහස් කර නිවාස අඩස්සියට පත් කර ඇති බවත් ඔහුගේ නිවස සුපරීක්ෂණය කැමරා පද්ධතියක් ඔස්සේ නිරීක්ෂණය කරන බවත්,වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින්, ලන්ඩනයේ කින්ස් කොලෙජ්හි චීන අධ්‍යයන අංශයේ මහාචාර්ය කෙරී බ්‍රවුන් පෙන්වා දී ඇත්තේ චීන රජය සහ නායකයන් විවේචනය කරන්නන්ට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles