ගුවන් සමාගම්වල රහස් දත්ත සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ චීනයේ බුද්ධි අංශ නිලධාරියෙකු ඇමරිකානු ජූරි සභාවක් විසින් වරදකරු කර තිබෙනවා.
ෂූ යැන්ජුං නැමැති මෙම පුද්ගලයා ආර්ථික ඔත්තු බැලීම සහ වෙළඳ රහස් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා පහකට වැරදිකරු වී ඇති බව සඳහන් .
ඒ අනුව සැකකරුට වසර 60ක සිරදඬුවමක් සහ ඩොලර් මිලියන 5ක් ඉක්මවූ දඩයකට යටත් වීමට සිදුවනු ඇති.
මෙම පුද්ගලයා, පළමු වරට 2018 වර්ෂයේ දී බෙල්ජියමේ දී අත්අඩංගුවට ගෙන ඇමරිකාවට පිටුවහල් කරනු ලැබූවා.
ඔහු සැලකෙන්නේ නඩු විභාගයක් සඳහා ඇමරිකාවට පිටුවහල් කරන ලද පළමු චීන ක්‍රියාකාරිකයා ලෙසයි.
කෙසේ වෙතත්, ඇමරිකානු අධිකරණයෙන් ලබා දුන් මෙම තීන්දුව පිළිබඳව චීන බලධාරීන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.