ජනපතිගේ ඉල්ලීම මත ඇමරිකාවෙි තානාපති ධූරය ගන්න මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරය අත්හරී !

0
344

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කොට තිබේ.

ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කර තිබූ කර තිබූ ඉල්ලීමකට අනුව මෙම අස්වීම සිදුකිරීමට නියමිතව ඇති බවට වාර්තා පලව තිබෙනවා.

මීට පෙර ඇමරිකානු තානාපතිවරයා ලෙස රවිනාථ ආරියසිංහ කටයුතු කළ අතර පසුගිය දා ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මීට පෙර මානව හිමිකම් පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු තිබෙනවා.

එමෙන්ම ගාමිණී චන්ද්‍රදාස මහතා වොෂින්ටනයේ කොන්සල්වරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here