Saturday, May 18, 2024

චීන ජනගහනයෙන් බිලියනය ඉක්මවූ පිරිසක් එන්නත් කරයි

ජනගහනයෙන් බිලියනය ඉක්මවා ගිය පිරිසක් එන්නත්කරණය කිරීමට චීනය සමත්ව තිබෙනවා.

ලොව වැඩිම පිරිසක් වේගවත්ව එන්නත්කරණයට ලක්කිරීමේ පළමු රට චීනය බවට පත්ව ඇති බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන චීනයේ ඉතාම වැදගත් සංදිස්ථානයක් ලෙස මෙය සනිටුහන් වී තිබෙනවා.

ලොව රටවල් රැසකට එන්නත් තොග විශාල ප්‍රමාණයක් ලබාදීමට ද චීනය කටයුතු කර තිබෙනවා.

මේ වනවිට චීනය කොවිඩ් වයිරස ව්‍යාප්තිය මනා ලෙස පාලනය කරමින් සිටින බවද එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.

ITN NEWS

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles