Sunday, January 19, 2025

ජනපතිගේ සභාපතිත්වයෙන්
සතිපතා ආර්ථික සභාව රැස්වෙයි

රටේ සමස්ථ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහි සභාපතිත්වය දරන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් සාමාජිකයන් 10 දෙනෙක් ඊට ඇතුලත්.

බැසිල් රාජපක්ෂ / බන්දුල ගුණවර්ධන / ජොන්ස්ටන් ප්‍රනාන්දු / මහින්දානන්ද අලුත්ගමගේ / රමේෂ් පතිරණ යන ඇමතිවරුන්ද කමිටුවේ සාමාජිකයන්.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් / නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර / ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් / භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන්ද කමිටුවට ඇතුලත්.

එම සභාවේ උපදෙස් හා මඟ පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යාවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම ආර්ථික සභාවෙන් අරමුණු කෙරේ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ ව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන ආර්ථික සභාව” සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර තිබෙනවා.ආර්ථික සභාව” සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සභාවේ උපදෙස් හා මග පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවල දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවේ රැස්වීම සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් කැඳවීමටත් ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles