ජනපතිගේ ෆේස්බුක් පිටුවෙි පෝස්ට්වලට
කමෙන්ට් කිරීම අක්‍රීය කරයි

0
817

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙි පලකරන සටහන්හි අදහස් දැක්විමට (කමෙන්ට් කිරීම) ඇති හැකියාව අක්‍රීය කර තිබෙනවා.

ඊට හේතු වූ කරුණ නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නැතත් ජනතාවගේ විරෝධාකල්පීය අදහස් දැක්වීම් හේතුවෙන් මෙම පියවර අනුගමනය කරන්නට ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය පිළිබද ප්‍රාමාණිකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව මහතා පවසන්නේ, ඔහු, දීර්ඝ කාලයක සිට ජනාධිපතිවරු-අගමැතිවරු සහ මන්ත්‍රීවරුන්ගේ ෆේස්බුක් ගිණුම් පිළිබදව අධ්‍යයනය කර ඇතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් ඔහුගේ පෝස්ට් සදහා කමෙන්ට් කිරීම සීමා කළ වෙනත් අයෙකු දැක නැති බවයි.

මෙවැනි විරෝධාකල්ප අදහස් බෙදා ගැනීමට සමාජ මාධ්‍ය සමූහයන් විශාල වශයෙන් ඇති වෙමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here