Friday, April 26, 2024

ඇෆ්ගනිස්තානයේ රස්සාවට රැවුලත් අනිවාර්ය කෙරේ.

ඇෆ්ගනිස්ථානයේ රජයේ රැකියා ලබාදීමේ දී පිරිමි පුද්ගලයන් අනිවාර්යයෙන් රැවුල වැවිය යුතු බවට වන නීතියක් ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

එරට වාර්තා සදහන් කළේ මේ අනුව ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ ප්‍රවර්ධන හා උපද්‍රව වැලැක්වීමේ අමාත්‍යාංශයේ නියෝජිතයින් විසින් මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනකු රැවුල නොමැතිකම හේතුවෙන් ඉන් ඉවත් කර ඇති බවයි.

කෙසේවෙතත්, තලේබාන් හිතවාදි පුද්ගලයන් පවා මෙම සිදුවීම් හෙළා දැක ඇති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ ඉස්ලාමය තුළ කිසිවිටෙක රැවුල වැවිමට බලකිරීමක් කර නොමැති බවයි.

මේ අතර හිජාබ් නොපැළද කාන්තාවන්ට රාජ්‍ය ආයතන වෙත ඇතුළු වීමට ඉඩ නොදීමට මෙන්ම රජයේ සේවයේ නිරත පිරිමි සේවකයින්ට ෂරියා නීතියට අනුව ඔවුන්ගේ පෙනුම සකසා ගත යුතු බවට ද ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ ප්‍රවර්ධන හා උපද්‍රව වැලැක්වීමේ අමාත්‍යාංශය විසින් නියෝග කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles