Sunday, January 12, 2025

ජනපති ඩුබායි යයි

පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 10ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා විය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නො වන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ගනු ලැබී ය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක් ව සිටිති.

අබුඩාබි අන්තර් ජාතික ගුවන් තොටුපොළට පැමිණි ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එරට ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබිණ.

ජනාධිපතිතුමා අද (04) පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර, “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වරුවේ ඇරඹෙන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදුකරනු ලැබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles