Sunday, May 19, 2024

අගමැති කාර්යාලයෙන් ශිරාස් යුනුස්ට කිසිඳු තනතුරක් ලබා දී නෑලූ

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතාට අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකරන, අතර එවැනි තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැති බව අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා විසින් අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව පවසමින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

එසේම, ඔහු හට කිසිඳු ආකාරයේ තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැත.

ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පුද්ගලික වන අතර වත්මන් අග්‍රාමාත්‍යතුමා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය එම අදහස් අනුමත නොකරන බවද වැඩිදුරටත් දන්වා ඇත.

මේ නිවේදනය ඊයේ (03) නිකුත් කිරීමට පෙර පසුගිය නොවැම්බර් 17වෙනිදා සිය සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළ තමන් අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් පැවසුවේ ‘විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බව’ යි.

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු පැවසා තිබුණා.

මෑතක පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඔහු එහිදී සඳහන් කළා .

ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් වීඩියෝවක් ඔස්සේ ශිරාස් යුනුස් මහතා පවසා සිටියේ තමන් අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක බව පවසමින්. මෙවැනි තනතුරු දරන්නෙකු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නොමැති බව නිවේදනයකින් පැවසුවත් එවැනි ‘ව්‍යාජ තනතුරක්’ දැරූ බව කියන පුද්ගලයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගයක් ගැන එම නිවේදනයේ සඳහන් කර නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles