ජනපති රත්මලාන දුම්රිය අංගන පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

0
279

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන ප්‍රධාන යන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේනතුවේ නිරීක්‍ෂණ චාරිකාවක අද (24) නිරතවිය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගනය නිරීක්ෂණයට ලක්කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද මේ අවස්ථාවට සහභාගි වී සිටියා.

මෙහිදී රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දීය.

තවද සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කර ගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දුම්රිය එන්ජින්, මැදිරි, ගල් ඇතුළු යන්ත්‍ර සුත්‍ර අලුත් වැඩියා කිරීමෙන් හා නඩත්තු කිරීමෙන් විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම මෙහෙවර කරගනිමින් 1933 වර්ෂයේ දී යාන්ත්‍රික ඉංජිනේරු අංගනය ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here