Monday, May 20, 2024

යුක්රේනය රුසියානු ගුවන් යානා 5 ක් සහ හෙලිකොප්ටර් යානාවක් බිම හෙලයි ! එය අසත්‍යයක් බව රුසියාව කියයි

යුක්රේනය සහ රුසියාව අතර ඇති වූ යුද ගැටුම් අතරතුර රුසියාවේ ප‍්‍රහාරක ගුවන් යානා 5 ක් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්රේන හමුදා පවසයි.

ලුහාන්ස්ක් කලාපයේදී මෙම ප්‍රහාර එල්ල කළ බවයි රොයිටර් පුවත් සේවය සදහන් කළේ.
මේ අතර රුසියාව අවධාරණය කළේ යුක්රේනයේ සියළුම ගුවන් ආරක්ෂණ පද්ධති සිය ප්‍රහාර මගින් වනසා දැමූ බවයි.
ඒ අනුව යුක්රේනයේ ගුවන් බලය අකර්මණ්‍යව පවතින බවද එමගින් දැනුම්දී තිබෙනවා.

එහෙත් රුසියාව මෙම ප්‍රකාශය අසත්‍ය එකකැයි ප්‍රතික්ෂේප කොට ඇත. වීඩියෝ දර්ශන මේ වනවිට නිකුත්ව තිබේ. මෙි වන විට රුසියන් හමුදා යුක්‍රේන ඉලක්ක රැසකට ආටිලරි ප්‍රහාර එල්ල කරමින් සිටියි. යුක්‍රේනයේ අගනගරය හැර යන සිවිල් වැසියන්ගේ ඡායාරූපද මාධ්‍ය විසින් නිකුත් කොට තිබේ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ වන විට යුක්රේන මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම අඩපණ කර අවසන් බවයි.

ලූහන්ස්කා පළාතේ යුක්රේන පාලනයේ තිබූ ෂිරම්ස්කි සහ ස්ටැනිට්සියා ලූහන්ස්කයා නගර දෙක මේ වන විට ලූහන්ස්කා ජනරජ සමුහාණ්ඩුවට යටත් වී තිබෙනවා.එමෙන්ම ලූහන්ස්කා ජනරජය විසින් යුක්රේන හමුදාවේ ඩ්‍රෝන දෙකක් බිම දමා තිබෙනවා.

මේ වන විට ඩොනේට්ස්ක් ජනරජ සමුහාණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අවි බිම තබා බාර වෙන යුක්රේන හමුදා නිලධාරීන්ට සමාව ලැබෙන බවයි.

මේ වන විට යුරෝපා සංගමය විසින් රුසියානු යුද මෙහෙයුම ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ වල සිටින තම රටවල පුරවැසියන් මුදවා ගැනීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

චීනය යුරෝපා රටවල් මෙන් යුක්රේනයට ආයුද ලබා නොදෙන බවත් යුක්රේනයේ සිටින තම ජනතාවට ඔවුන්ගේ වාහනවල තම කොඩිය ප‍්‍රදර්ශනය කරන මෙන් පවසා තිබෙනවා.

රුසියානු හදිසි ආපදා අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවල සිට ජනයා විශාල වශයෙන් රුසියාව වෙත පැමිණෙමින් සිටින බවයි.

විශාල වශයෙන් ජනතාව කියෙව් නගරයෙන් පිටවීමට උත්සහ දරන අතර කියෙව් නගරයේ උමං දුම්රිය පොළවල් මේ වනවිට සිවිල් වැසියන් ආරක්ෂාව පතා සැඟවී සිටින බංකර් බවට පත් වී තිබේ.

මේ වනවිට යුක්රේනය වෙත පැමිණෙන සියලූම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර,යුරෝපා සංගමයේ රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන බව පවසා ඇත. රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුරෝපයේ කොටස් වෙළඳපොළ සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත වැටී ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මොහොතකට පෙර පැවසුවේ යුක්රේන හමුදාවන් තම ආයුද බිම තබා යටත් වෙමින් සිටින බවයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles