Thursday, May 9, 2024

රනිල් සහ සජිත් පාර්ලිමේන්තු ලොබියේදී විශේෂ සාකච්ඡාවක්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පාර්ලිමේන්තු ලොබියේදී ඊයෙ පැවැත්වුණු සාකච්චාවක් පිළිඹදව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරු කණ්ඩායමකගේ අවධානය යොමුවී තිබෙනවා . එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර යලිත් එකතුවීමක් පිළිඹදව කටකතා පැතිරෙන අවස්ථාවක මෙම සාකච්ඡාව පිළිඹදව ඔවුන්ගේ දැඩි අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ .

කෙසේ වුවත් මේ පිලිම්බන්දව සොයා බැලීමේදී සජබ මන්ත්‍රීවරුන්ට දැනගන්න ලැබුනේ රුසියානු යුක්රේන ගැටුම පිළිඹදව දෙදෙනා අතර සාකච්ඡා වී ඇති බවයි .එහිදී සජබ තරුණ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ යුක්රේන ගැටුම පිළිඹදව සහ ශ්‍රීලංකාවට ඇති බලපෑම සම්බන්ධව පැහැදිළි විග්‍රහයක් ලබාගැනීමට හැකි ජාත්‍යන්තර දේශපාලනය පිළිඹදව හසල දැනුමක් ඇති දේශපාලඥයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බවයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles