Monday, May 20, 2024

ඉන්දියාව ණය සමග ගිවිසුමක්

ඩොලර් බිලියනයක ණය ගිවිසුමක්
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියනයක ණය ගිවිසුමක් අත්සන් කරයි
ඉන්දියාව සමඟ ඩොලර් බිලියනයක ණය ගිවිසුමක් අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වේ.

ඉන්දීය රජයේ මැදිහත්වීම මත ඉන්දියා බැංකුව සමඟ ගිවිසුම අත්සන් කරන බව මුදල් ලේකම් එස්.ආර්.ආටිගල අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එමගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආනයනය කිරීමට නියමිත බවත් ඉන්දීය රජයේ මැදිහත් වීම මත එරට බැංකුවක් සමඟ මෙම ගිවිසුම අත්සන් තැබීමට නියමිත බවද පැවසීය.

ඊට අදාළ සියලු ගිවිසුම් මේ වන විට සකස් කර අවසන් බවත් ඒ අනුව කඩිනමින් එම ගිවිසුම් ඉන්දියාවේ දී හෝ ශ්‍රී ලංකාවේ දී අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ඉදිරි දින කිහිපයේදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


මේ අතර ශ්‍රී ලංකාවේ මුල්‍ය අර්බුදය සමනය කිරීම සඳහා ආයෝජනය කිරීමට සිය රට කැමැත්තෙන් සිටින බව ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ප්‍රකාශ කර තිබේ.


ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය හිඟයකින් පෙළෙන අතර ඊට සහාය දැක්වීමට ඉන්දීය රජය
සූදානමින් සිටින බවයි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles