ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (08)සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ .
රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .
රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් කරුණු 15කින් යුත් යෝජනාවලියක් ඉකුත්දා ඉදිරිපත් කරනු ලැබීය .