ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
එම පක්ෂය විසින් යෝජනා මාලාවක් ජනාධිතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කළ අතර ඒ සම්න්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා
මෙි අතර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විවේචනය තුල ඇත්තේ බිහිකල ආණ්ඩුව රැක ගැනීමේ උත්සහයක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
රටේ ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන සංවර්ධනය ජනතාවට ලබාදීම සදහා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හැකි උපරිමයෙන් කැප වන බවයි ඔහු අවධාරණය කරන්නේ.
දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කලේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්ය.