ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් උපදෙස් මෙන්න

0
291

වයස අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12) උපදෙස් ලබාදී ඇත.

එහිදී තවදුරටත් ජනාධිපතිවරයා සෞඛ්‍ය ප්‍රධානීන්ට අවධාරණය කළේ රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ජනාධිපතිවරයා හා සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ (12) පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී ඇත. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here