Saturday, November 16, 2024

ජනවාරි සිට එන්නත් කාඩ්පත අනිවාර්යයි – දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමෙිදී ඇමති ප්‍රසන්න කියයි

ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේ දි නියමිත කොවිඩ් එන්නත ලබාගැනීම සමස්ථ පුරවැසියන්ගේ වගකීමක් බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles