ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවකට අවසර නැහැ – මහජන උපයෝගිතා කොමිසම

0
302

ජනවාරි 27 වනදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් අනිද්දා රැස්වී යළි සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එහිදී පවතින තෙල් සංචිත සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.

පවතින තත්වය යටතේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here