Sunday, November 24, 2024

ජනාධිපතිතුමනි, උද්දච්චකම පැත්තකින් තියලා ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසදුම් දෙන්න – මනුෂ නානායක්කාර

උද්දච්චකම පසෙකින් තබා රටේ ප‍්‍රශ්ණවලට විසදුම් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ජනාධිපතිවරයා තමන්ගේ උද්දච්කම පසෙකින් තබා රටේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන පොහාර ප‍්‍රශ්ණයට විසදුම් ලබාදිය යුතු බවත්, ගුරු වැටුප් ප‍්‍රශ්ණයට විසදුම් ලබාදී දරුව්න්ගේ අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සදහන් කළේය.

ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදෙන්නේ නම් ජනාධිපතිවරයා ෆේල් බව නොකියා සිටිය හැකි බවද මන්ත‍්‍රීවරයා පැවසුවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

සීනි වලට අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා. ගිය අවුරුද්දේ නොවැම්බර් 10 වැනිදා සීනිවලට ගැසට් එකක් ගැහුවා. ඒ කාලේ සුදු සීනි පැකට් එකක උපරිම සිල්ලර මිල වුනේ රුපියල් 90ක්. පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 85යි. ආනයනයකරු විසින් විකිණිය යුතු උපරිම මිල රුපියල් 80ක් වුනා.

මේ කාලයේදී තමයි අවුරුද්දකට ඇති තරම් සීනි ලංකාවට ගෙනාවේ. සීනි බද්ද සත විසිපහට අඩු කරපු නිසා තමයි මේ ආකාරයට අති විශාල සීනි තොගයක් ලංකාවට ගෙන ආවේ. ඒ වෙලාවේ තමන්ගේ ගජ මිතුරන් අවුරුද්දකට ප‍්‍රමාණවත් විදියට සීනි ගෙනවිත් ගබඩාවල තැන්පත් කරගත්තා.

දැන් සීනි හිගයක් මවා පාලා සීනි මිල ඉහළ දැම්මා. ආණ්ඩුව සීනි මිල, හාල් මිල පාලනය කිරීමට අවශ්‍ය නිසා හදිසි නීතිය ගෙනවිත් සීනි තියෙන තැන් හොයන්න ගත්තා. සීනි තියෙන තැන් දන්නේ නැද්ද? සීනි තොග තියෙන තැන් බලන්න මාධ්‍ය ආයතන ගිහින් බලන්න ඔ්නද? රේගුවෙන් සීනි තොග රට ඇතුළට එන විට ඒ තොග යන්නේ කොතැනටද කියන එක ගැන රජයේ තොරතුරු තියෙනවා.

ඒ වෙලාවේ සීනි තොග එක් රැුස් කළේ කවුද කියලා සොයලා විගණනයක් කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුනා. ඒත් ඒ ගැන සොයා බැලුවේ නෑ. දැන් මේ සීනි තොග රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගත්ත සීනි ජනතාවට අඩු මිලට ලබාදේවි කියලා අපි විශ්වාස කළා. රුපියල් 85 ට සීනි දේවි කියලා අපි හිතුවා.

දැන් ගබඩාවලින් ආණ්ඩුව සීනි සල්ලිවලට අරගෙන රුපියල් 130 ගානේ සීනි විකුණනවා. මෙච්චචර කල් ගජ මිතුරන්ට මුදල් හම්බකරගන්න ඉඩ දීලා, ආණ්ඩුවම සල්ලිවලට ගන්නවා. මේ සීනි රාජසන්තක කළානම් සල්ලි දෙන්නේ මොකද? දැන් මේ සීනි රාජසන්කත කරනවා වෙනුවට ආණ්ඩුව බිස්නස් එකක් කරනවා. තොග මිල රුපියල් 116ක් දාලා, සිල්ලර මිල රුපියල් 122 සිට 127 දක්වා මිල ගණන් දාලා ගැසට් එකක් ගහනවා

රුපියල් 75 ට ලංකාවට ගෙනාපු සීනි තමයි තොග කරුවන් සීනි 116ට විකුණන්නේ. ගුදම්වල තිබුණ කාලයේදී අසීමිත ලාභයක් උපයාගෙන තියෙනවා.

මෙච්චර සීනි තොගයක් ආනයනය කිරිමට ඉඩ දුන්නේ කවුද? බද්ද අඩු කළේ කවුද?

සීනි හංගන් ඉන්නේ කියන්නේ විපක්ෂය කියලා මහාචාර්යකෙනෙක් ඇවිත් කියනවා. ඔහුට මහාචාර්ය කියලා කියන්නත් ලැජ්ජයි. සීනි හංගන්න විපක්ෂයට පුලුවන්ද? සීනි ගෙනාපු ව්‍යාපාරිකයින් කවුද, මේ අයත් එක්ක ආණ්ඩුවේ තියන සම්බන්ධය මොකක්ද කියලා ඔ්නම කෙනෙක් දන්නවා

දැන් බලන්න ඇන්ටිජන්. රුපියල් දෙසීයට, තුන්සීයට ලෝකයේ ඇන්ටිජන් ගෙන්වීමට හැකියාව තිබියදී ඒ අයට ඇන්ටිජන් කට්ටල ගෙන්විමට අවසර දෙන්නේ නෑ. ඖෂධ නියාමන අධිකාරිය හරහා එන්න දෙන්නේ නෑ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිලා. අපිට අපේ ඇන්ටිජන් පරීක්ෂාව කරගන්න තිබුණ අවස්ථාව නැති කරලා. මේ දත්ත තිබුණේ කොහේද? ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තමයි මේ දත්ත තියෙන්නේ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩා කරලා තියෙන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා, සහ ඇන්ටිජන් ගෙන්වන අය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හොයලා බලන්න. එකට  ලියුම් ගහලා අත්සන් කරන අය තමයි මේ කොල්ලකෑම් කරන්නේ. කොරෝනාව ගරානාවක් කරගන්නේ.

ඒ විතරක් නෙමෙයි ලංකාවට නිරෝධායනයට එන අයත් නිරෝධායනය කරන්නේ ගජ මිතුරන්. ආණ්ඩ ගෙන ආපු අයට ලබාදෙන උදව්වක් විදියට තමයි මේ අයට හම්බකරගන්න දීලා තියෙන්නේ.

පොහොර ප‍්‍රශ්ණය විසදන්න

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇතිවෙලා තියෙනවා. සීනි කිලෝ එක කිලෝ එක ගන්න පෝලිමේ ඉන්න වෙලා. ගෑස් සිලින්ඩරය ගන්න පෝලිමේ යන්න වෙලා. අද වාහනවලට ටයර් එකක් දාගන්න විදියක් නෑ. මේකෙන් නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටිලා, රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

දැන් පොහොර තහනම් කිරීමට ගැසට් එකක් ගැහුවා. පොහොර තහනමට ගැසට් ගැහුවට පස්සේ එළවළු ගොවියාගේ ඵලදාව සියයට 40කින් අඩුවෙලා. තේ කර්මාන්තයේ යෙදෙන අයගේ ඵලදාව සියයට 50කට අඩුවෙලා. වී ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටිලා. බඩ ඉරිගු ගොවියා ලබන කන්නය වගා කරනවාද නැද්ද කියලා කල්පනා කරනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙලා.

පොහොර ආනයනය තහනම් කිරීම නිසා ආහාර හිගයක් ඇතිවෙන්නේ නෑ කියලා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ඇවිත් කියනවා. මොන දත්ත මත පදනම් වෙලාද මේ කතා කියන්නේ. කොම්පෝස්ට්වලින් වගාවට අවශ්‍ය නයිට‍්‍රජන් ප‍්‍රමාණය ලබාගත හැකිද? ලංකාවේ නිපදවන කොම්පෝස්ට් වල නයිට‍්‍රජන් ප‍්‍රතිශතය මැනීමට හැකියාව තියෙනවාද?

ජනාධිපතිතුමනි, ඔබේ උද්දච්චකම නිසා, කලට වෙලාවට එන්නත් නොගෙනාපු නිසා, අවුරුදු හැටට වැඩි අය මැරෙනවා. ඔබේ උද්දච්ච කම නිසා නියමිත වෙලාවට රට වැහුවේ නැහැ. රෝගය තවතදුරටත් ව්‍යාප්තවෙන්නේ ඔබේ උද්දච්චකම නිසා. පොහොර ගෙන්වීම තහනම් කරලා උද්දච්ච ආකාරයෙන් කටයුතු කිරීම නිසා රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමා ෆේල් නොකිය ඉන්නම්. ගැසට් රිවස් කළා නොකියා ඉන්නම්. ලංකාවේ මිනිස්සුන්ට ඔ්න පොහොර ටික ගෙනත් දෙන්න. අපි කෑ නොගහා ඉන්නම්, ගොවීනට අවශ්‍ය වල් නාශක, පොහොර ගෙනැත් දෙන්න.

දැන් කොරෝනානිසා නම දහස් ගණනක් මිය ගිහින්. ජනතාවට බඩගින්නේ මැරෙන්න අරින්න එපා. ඔබතුමාගේ උද්දච්චකම පැත්තකට තියලා පොහොර ටික ගේන්න දෙන්න. ඒ වගේම එක් අයෙක්ට පමණක් පොහොර ගේන්න දීලා, ඒකත් ගජ මිතුරන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න දෙන්න එපා.

ජනතාවට බඩගින්නේ මැරෙන්න අරින්න එපා

පළමු කොරෝනා කාලයේදී ආණ්ඩුඩව ගැසට් ගහලා, පරිප්ප 65 ට සැමන් 100ට දුන්නා. හාල් වලට ගැසට් හතරක් පහක් ගැහුවා. හැබැයි අපිට අදටත් සම්බා කිලෝවක් කඩෙන් ගන්න බෑ. සීනි කිලෝවක් රුපියල් දෙසීය විස්සක් තිහක් වෙනවා. කිරි පිටි ගන්න නෑ.

දැන් හාල් නැගලා, පරිප්පු නැගලා, සැමන් නැගලා, ඩොලර් එකත් දෙසීය පැනලා. දවසකට සිදුවන මරණ සංඛ්‍යාවක් දෙසීය පැනලා. මේ හැම එකක්ම දෙසීය පැනලා. ඒක දෛවෝපගත සිදුවීමක්ද මන්දා

මිනිසුන්ට බඩගින්නේ මැරෙන්න දෙන්නේ නැතිව ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩ කරන්න. පොහොර ටික ගේන්න ඉඩ දෙන්න. ගොවියාගේ ගොවිකම ආරක්ෂා කරලා දෙන්න. ජනතාවට බඩගින්නේ මැරෙන්න දෙන්න එපා. මිනිසුන්ගේ බඩගින්න නැති කරලා, ජීවිත ආරක්ෂා කරන්න ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන්න සූදානම්.

මෙහෙම කතා කියන්නේ මහාචාර්යවරයෙක්ද?

එන්නත්කරණයට විපක්ෂය බාධා කළා මහාචාර්යතුමෙක් ඊයේ කියනවා. එන්නත්කරණය කරන්න කියලා බලපෑම් කළේ, එහෙම කියනකොට ඒකට උසුළු විසුළු කළේ කවුද? අපි එන්නත්කරණය කරන්න කියනකොට ඒකට බාධා කළේ කවුද?

සීනි හැංගුවේ විපක්ෂය කියලා ඒ මහාචාර්යවරයා කියනවා. සීනි වංචාව සිදුවන විට පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් කරුණු ඉදිරිපත් කළේ අපි. ඔබතුමා දාගෙන ඉන්න කණ්නාඩි නිසා ඒවා පේන්න නැතිව ඇති.

පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලන්නේ නැති එක ගැන විපක්ෂයට අමාරුවක් තියෙනවා කියලා කියනවා.ඒ ගැන එවකට සිටි ආරක්ෂක ඇමැති, සේනාධිනායකයා තමයි ප‍්‍රහාරය ගැන දැනුවත් කරලා තියෙන්නේ. පාස්කු ප‍්‍රහාරය  විකුණලා තමයි ඔබලා බලයට ආවේ. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලනවා කියලා තමයි ඔබලා බලයට ආවේ. එහෙම බලයට ආපු අය හොරගල් අහුලමින්, පාස්කු සැකකරුවන් අල්ලන්න කියන අය අත්අඩංගුවට ගන්නේ ඇයි? අල්ලගෙන ගියොත් වල්ගේ ඇල්ලුවා වගේ තමන්ගේ වල්ගය අහුවෙන් නිසාද ඔබලා පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් අල්ලන්නේ නැත්තේ

මේ මහාචාර්යතුමා කියන තර්ක එක්ක බලනකොට ඔබතුමත් රජරට විශ්ව විද්‍යාලයෙන් ගනිපු ආචාර්ය උපාධියක් වගේ එකක් තියෙනවාද කියන සැකයක් තියෙනවා.

අර රජරට විශ්ව විද්‍යාලයේ ඉදපු මහාචාර්යතුමත් බෙහෙත් මිල වැඩි කළේ ඉල්ලුම කළමනාකරණය කරන්න කියනවා. එතකොට බෙහෙත් ආසාවට බොනවාද? ගෙදර තියෙනවාට බොනවාද? සුදර්ශනි පැනිය හැදුවේ භූත බලවේග එකතුකරගෙන කියලා කියනවා. දැන් අලුතින් කැදක් දෙන්න හදනවා. සායනික පරීක්ෂණයකින් පසුව සාර්ථක නම් රටක් විදියට අපි ඒකට සහාය දෙනවා.

මහාචාර්ය පට්ටම ඉස්සරහින් දාලා, එදා නයි නටවලා, මිනිස්සු රටවන්නද හදන්නේ. නයි ගෙනාවා වගේ, පැණි ගෙනාව වගේ මිනිස්සු රවටන්නද හදන්නේ.

2018 ඔක්තෝමර් 26 වැනිදා පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගත්ත කළු අතීතයත් එක්ක බලනකොට මේ අය ගැන නම් ලොකු ප‍්‍රශ්ණයක් නෑ. ඔ්ක්තෝබර් 26 වැනිදා බලහත්කාරයෙන් ආණ්ඩුව අල්ලාගත්තා වගේ, තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් රටක් අල්ලාගත්තම ආණ්ඩුව සුබපතනවා. මොන රටේ මොන ආණ්ඩුවද ත‍්‍රස්තවාදී කණ්ඩායමක් රටක් අල්ලාගත්තම සුබපතන්නේ?

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරලා අනාගතය කඩාකප්පල් කරන්න එපා

දැන් ගුරු වර්ජනයට දවස් 55ක් වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයෙන් දවස් 55ක් කියන්නේ බරපතල තත්වයක්. දරුවන් පාසල් පංතිකාමරයේ අත්දැකීම ලබාගන්න බැරිවෙලා. ඔන්ලයින් ක‍්‍රමයට හරි දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන ගියපු එකත් නැවතිලා දවස් 55ක් වෙනවා.

ආණ්ඩුව විදියට මේ කාලයේ මොනවද කළේ? කමිටු දාලා, රැුවටීම් කරලා, රුපියල් පන්දහසේ අල්ලස් දීලා, ලොසින්ජර විසදුම් දෙන්න හැදුවා මිස දරුවන්ගේ පැත්තෙන් බලලා විසදුම් දෙන්න ගත්තේ නෑ. ගුරුවරු පාරට බස්සන්නේ දේශපාලන හස්තයක් විසින් බවත්, ගුරුවරු කියන්නේ ත‍්‍රස්තවාදීන් බවත් සමහරු කිව්වා.

ගුරුවරු එලියට බැස්සේ විපක්ෂයේ බලපෑමට නොවෙයි. ඔවුන්ගේ සැබෑ ප‍්‍රශ්ණය වෙනුවෙන් තමයි එළියට බැස්සේ. දශක දෙකහමාරක් තිස්සේ මේ ප‍්‍රශ්ණය තිබුණා. ගුරුවරුන්ගේ විසදීමට හැම ආණ්ඩුවක්ම කටයු ුනොකිරීම ප‍්‍රශ්ණයක්.

කොරෝනා ගුරු පොකුරක් හදන්න හැදුවා. ගුරුවරු මැරුණා කියලා පිටරට ඉන්න අයගේ ඡුායාරූප දාලා නරක, කැත ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක් අරගෙන ගියා. වයස්ගතවෙලා ගුරුවරු මිය යන විට ඒ අයගේ නම් දාලා කොරෝනාවලින් මැරුණා කියලා බොරු කිව්වා. සක්කිලි වැඩ කළා.

දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු දෙකක් පස්සට ගිහින් තියෙනවා.ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. දරුවන්ගේ ජීවිතයෙන් දශයක් පස්සට යනවා. කැපවීමක් තියෙන දරුවන් විතරක් ඉදිරියට යාවි. පහසුකම් නැති ගම්වල දරුවන් පාසල් හැර යන තත්වයට පත්වේවි.

ආණ්ඩුව එක සාපයක් ගෙවීමට නොහැකිව සිටිනවා. අනාගත දරු පරපුරේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ සාපයත් ආණ්ඩුවට එල්ලවෙනවා. මේ නිසා උද්දචකම පැත්තකින් තියලා ගුරුවරුන්ගේ ප‍්‍රහ්ණයට විසදුමක් දෙන්න. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගන්න. අද මහානායක හාමුරුවෝත් මේ වෙනුවෙන් ඉල්ලීම් කරනවා. ගුරුවරුන් නිවරදි වැටුප් ප‍්‍රතිපත්තියක පිහිටුවා මේ ප‍්‍රශ්ණයට විසදුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles