Tuesday, May 21, 2024

ණය ඉල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල⁣ට යාමට අවශ්‍ය නෑ – කබිරාල්

IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“මම පසුගිය දා මාධ්‍ය වාර්තා කිහිපයක්ම දැක්කා. ඒ වගේ සඳහන් කළ තිබුණේ ශ්‍රී ලංකාවේ ණය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබා ගැනීමට සිදුව ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ ගරුත්වය හිමිවෙනවා. නමුත් අපිට අවශ්‍යතාවයක් නැහැ මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. අපි ආර්ථික අවශ්‍යතා හඳුනාගෙන තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවලට අනුව අපි ක්‍රියාත්මක කරලා තියෙන අලුත් ව්‍යාපෘති එක්ක, නුදුරු අනාගතයේ දී පැහැර හැරීමකින් තොරව ණය වාරික ගෙවීමේ හැකියාව අපිට තියෙනවා”යනුවෙන් පැවැසීය.

Newshub.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles