ජනාධිපතිවරයා වහාම තම ප‍්‍රකාශය නිවැරදි කළ යුතුයි

0
899

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශය නිසා එම ආයතන අකර්මන්‍යතාවකට සැකයකට හා විචිකිච්ඡාවකට ලක්ව ඇති බවත්, එයින් එම ආයතනවලට ඇති වූ අයහපත් බලපෑම ඉවත්කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම තම ප‍්‍රකාශය නිවැරදි කළ යුතු බවත් පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

මෙම ප‍්‍රකාශය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රටට බලපෑමක් එල්ල වූ බව කී රත්නප‍්‍රිය මහතා එම තත්ත්වය වෙනස් කිරීමට නම් තමන් තවමත් පෙනී සිටින්නේ ජනවාරි 8 වැනිදා තමන් බලයට ගෙන ආ දේශපාලන අභිලාශයන් ඉටුකිරීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා ඉදිරියේදී ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු යැයි ද සදහන් කළේය.

සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රටේ පවතින දේශපාලන සංහිදියාව නැතිකිරීමට උත්සාහ කරන කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින බවද කී රත්නප‍්‍රිය මහතා ජනාධිපතිවරයා ඒ අය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව ද මෙහිදී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here