ජනාධිපති කියන්නේ බොරු..! – පදවි ප්‍රාප්තියේ රජ ගීතයේ ඇතුල් පැත්ත

0
1009

ජනපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිර්මාණය කෙරුණ රජ ගීතය තමන්ගේ අනුමැතියකින් තොරව කරන ලද්දක් බවට ජනපතිවරයා කියා ඇත්තේ බොරු බව හෙළිදරව් වෙමින් පවතියි.

මෙම ගීතය මාධ්‍ය වෙත නිකුත් කිරීමට පෙර පසුගිය දෙසැම්බර් 11 දින ජනපතිවරයා විසින් ගීතයේ පිටපත කියවා බලා, වීඩියෝවද නරඹා එය අනුමත කල බවත්, එය රජයේ මාධ්‍ය තුලින් විකාශනයවීමත් සමග ඇතිවුණු ජනතාවගේ දැඩි විරෝධය සමග අදාල වීඩියෝව You  Tube වෙතින්ද ඉවත්කර ඇත.

MS-7-copy

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මාධ්‍ය නිවේදනයේ සඳහන්කර ඇත්තේ අවසරයකින් තොරව ඇතැම් සමාජ ජාලයන්හි මෙම ගීතය ප්‍රචාරය කර ඇති බවයි. නමුත් මෙම ගීතයේ නිෂ්පාදකයා වන අරෝෂ ප්‍රනාන්දු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පලකර ඇති ඡායාරූප මගින් සත්‍යම කතාව හෙළිදරව්වන බව පෙනෙන්නට ඇත.

MS-1

MS-2

විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදේශකයෙක් වන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු අදාල ඡායාරූප සියල්ල මේවනවිට තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් මකා දමා ඇත.

(Source – Colombo Telegraph)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here