Friday, September 20, 2024

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නව මහ බැංකු අධිපතිවරයෙක් නම්කෙර්..

පසුගිය නොවැම්බර් 19 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව අධිපතිවරයෙක් නම් කර තිබුණා.

අයවැය අවසන් පිරික්සුම ජනපතිවරයා විසින් සිදුකරන බව සඳහන් මෙම නිවේදනයේ මහ බැංකු අධිපතිවරයා ලෙස සඳහන් කර ඇත්තේ “රාජා මහෙන්ද්‍රන්“ යන නමයි. ශ්‍රී ලංකා මහ බංකුවේ වත්මන් අධිපතිවරයා වන්නේ “අර්ජුන් මහේන්ද්‍රන්“ මිස රාජා මහේන්ද්‍රන් නොවේය.

12242996_10208463538093784_5859188211522076955_n

මෙම ලිපිය තුල මහ බැංකු අධිපතිවරයාගේ නම මෙසේ වෙනස් වීමට ආසන්නතම හේතුව ලෙස අපට හඳුනාගත හැක්කේ වත්මන් ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයේ සේවය කරන බොහොමයක් දෙනෙක් කිලී රාජ මහේන්ද්‍රන්ගේ එම්.බී.සී මාධ්‍ය ජාලයේ සේවයක කල පුද්ගලයන්ය.

ඔවුන්ට හුරුපුරුදු නම රාජා මහේන්ද්‍රන් මිස අර්ජුන් මහේන්ද්‍රන් නොවේය. මේ හේතුව නිසා ජනපතිවරයාගේ මාධ්‍ය නිවේදනවල පවා තමන්ට හුරුපුරුදු ලොක්කාගේ නම සටහන්වීම එතරම් අරුමයක් නොවේ.

ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය මේ වනවිට මුළුමනින්ම රාජා මහේන්ද්‍රන් හිතවාදීන්ගේ පාලනයේ පැවතීමට මෙයට වඩා හොඳ නිදසුන් ඉදිරියේදීත් අපට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

කෙසේ වෙතත් මෙය එතරම් ලෙකු දෙයක් නොවේ කියා පසෙක දැමිය නොහැකි දෙයකි. මේ වනවිටත් මෙම සමාජ ජාලවල වේගයෙන් පැතිරෙමින් ඇත.

ඒ වැරැදීමකට වඩා තමාගේ ඇති ළබැඳියාවන් නිසා සිදු වූවක්ය යන්න මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති මතයයි. මන්ද ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියා වන ධර්ම ශ‍්‍රී ඒකනායක මහතාගේ සිට එහි බහුතරයක් දෙනා සිරස මාධ්‍ය ජාලයට සම්බන්ධ පිරිස වීම නිසා මෙය සිදුව ඇති බව සැක කෙරේ. ජනාධිපති මාධ්‍ය අංශය දැන් පවතින්නේ සිරස ආයතනයේ බවට ද  මාධ්‍ය ක්ෂේත‍්‍රය පුරා කතා බහක් පැතිර තිබේ.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles