ජන සටන අඛණ්ඩව රැය පුරා සහ හෙටත්….!

0
808

අද උදෑසන 9 ට ආරම්භ කෙරුණු ජනතා විරෝධතාව හවස් භාගය වන විට ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. එහිදී විශ්ව විද්‍යාල සිසුන් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එකමුතුවත්, මුස්ලිම්-කතෝලික-බෞද්ධ සහෝදරත්වයත්, ආණ්ඩුව බලයට පත්කිරීමට සහය දුන් අය විසින් ලබාදුන් ආහාර පාන වලින්ද උද්ඝෝෂණය ශක්තිමත් විය.

ලක්ෂයකට ආසන්න ජනතාවක් මෙයට සහභාගී වී ඇතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම කොළඹ ගාලු මුවදොර පිටියේ සහ ඒ අවට ප්‍රදේශයේ අද පැවැති විරෝධතාවය තවදුරටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් මේ වනවිට ජනතා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් මාර්ගය අවුරාගෙන විරෝධතාවේ යෙදී සිටිති. විවිධ සංස්කෘතිකාංග සමගින් දිගහැරෙන එය ප්‍රබලව සහ විචිත්‍රවත්ව ලෝකය හමුවේ දිගහැරීමට ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් පැමිණ තිබිණ.

මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලයට ආරක්ෂාව දැඩි කර තිබේ.

කෙසේ වෙතත් කිසිදු විරෝධතාකරුවෙකුට පහරදිමක් හෝ විරෝධතාව විසුරුවා හැරීමක් මෙතෙක් සිදුව නැත.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ යෙදී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here