ජය ශ්‍රීලට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කරයි

0
315

වාණිජ මහාධිකරණය විසින් ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් හා රොහාන් ජයලත් යන දෙදෙනාට එරෙහිව අද (13) දිනයේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සඳහන් කරන්නේ අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝණය කිරීම ඉතා බරපතල කරුණක් බවයි.

පසුගියදා ඔවුන්ට එරෙහිව ගීත ඇල්බම් දෙකක ගීත කිහිපයක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here