Tuesday, September 24, 2024

ජාත්‍යන්තරයට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටියට  ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය හිමිව තිබේ. ඒ එම මිනී පෙට්ටිය පිළිබඳව රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිගින් දිගටම වර්ධනය වීමත් සමගින් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ප්‍රියන්ත සහබන්දු මහතාගේ අදහසක් සමගින් මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටිය නිපදවීම ආරම්භ කළේය.

මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් මේ වන විට රුපියල් 4500ක මුදලකට ඇලෙවි කරයි. ශ්‍රී ලංකාවේ මිලෙන් අවම ලී වලින් සකසන මිනී පෙට්ටියක් රුපියල් 25000 -30000ත් අතර මිලකට අලෙවි වෙයි.

සහබන්දු මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ්වලින් නිපදවන මෙම මිනී පෙට්ටයකට කිලෝ ග්‍රෑම් 100ක බරක් දරා ගත හැකි බෙවයි

මුලින්ම මෙය කොවිඩ් සිරුරු වෙනුවෙන් සකස් කළ පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වන විට එම පෙට්ටිය පිළිබඳව අවධානය යොමුකර තිබේ.

2020 වසරේ මුල සිට කාඩ්බෝඩ් මිනී පෙට්ටි 350ක් පමණ බෙදා හැර ඇති බව සහබන්දු මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles