Saturday, September 21, 2024

“ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුව දැන් සෞඛ්‍යාරක්ෂාවත් අවදානමට දාලා”

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අවදානමකට ලක්කර ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතායි මේ බව සදහන් කළේ.

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය මගින් ආපසු හරවමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට එක් සමාගමකට අවසර ලබාදීම රජයේ සූදානමක් පවතින බව ද මනූෂ නානායක්කාර මහතා මෙහිදී කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles