ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තොරතුරු අතුරුදන් වීමේ සිද්ධියට එය මෙහෙය වූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු

0
382

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්ත ගබඩාවේ තොරතුරු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත පද්ධතිය මෙහෙය වූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරිමට තීරණය කර තිබෙනවා.

ඒ එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාගේ උපදෙස් අනුවයි.

මීට දින කිහිපයකට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පැවැති මෙම දත්ත ගබඩාවේ තොරතුරු මැකී ගොස් තිබු අතර, එහි මෙරට ඖෂධ පිළිබඳ නියෝජිත ආයතන පිළිබඳ මෙන්ම නිෂ්පාදන ආයතන පිළිබඳව තොරතුරු අන්තර්ගත ව තිබුණා.

මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here