ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා අගෝස්තු 01 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩකයින් 18 දෙනෙකු සිය කොන්ත්‍රාත්තු අත්සන් තැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම ගිවිසුම මාස පහක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් එය අවසන් වනු ඇති.
ධනංජය ද සිල්වා / කුසල් පෙරේරා / දිමුත් කරුණාරත්න / සුරංග ලක්මාල් / දසුන් ශානක / වනිඳු හසරංග / ලසිත් ඇඹුල්දෙණිය / පැතුම් නිශ්ශංක / ළහිරු තිරිමාන්න / දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් යන අය ක්‍රීඩකයන් මෙලෙස සිය කොන්ත්‍රාත් අත්සන් කර තිබුණා.
ලක්ෂාන් සඳකැන් / විශ්ව ප්‍රනාන්දු / ඔෂද ප්‍රනාන්දු / රමේෂ් මෙන්ඩිස් / ළහිරු කුමාර / අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය ද කොන්ත්‍රාත් අත්සන් තැබූ කණ්ඩායම අතර වනවා.
කාර්ය සාධනය / ශාරීරක යෝග්‍යතාවය / නායකත්වය / ජේයෙෂ්ඨත්වය / චර්යාධර්ම පද්ධතිය සහ අනුවර්තනය වීමේ හැකියාව වැනි නිර්ණායකයන් මත පදනම්ව කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයින් තෝරාගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.