ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

0
345

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඇය හෙට (28) දිනයේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here