Sunday, January 19, 2025

ජිනීවාහීදී රුසියාව ඇතුළු 31ක්ම ශ‍්‍රී ලංකාවට පක්ෂ වෙයි

ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධව පැවැති අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී ඊට සහභාගි වූ රටවල් 45න් 31ක්ම ශ‍්‍රී ලංකාවට සහාය පළ කරමින් අදහස් දක්වා ඇත.

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධව ලිඛිත යාවත්කාලීන කිරීම සඳහාවූ සංවාදය ආරම්භ කරනු ලැබුවාය.

එහිදී ඊට සහභාගිවූ රටවල් ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතිසන්ධානය සඳහා සැලකිය යුතු ප‍්‍රයත්නයක් ගෙන තිබීම සම්බන්ධව සහාය පළ කළේය.

කොවිඩ් වසංගතය හමුවේ වුව එම අභියෝග ජයගෙන ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණය ඇතුළු ජාතික ක‍්‍රියාදාමයන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම සහ ඒ සම්බන්ධව ලබා ඇති ප‍්‍රගතියද මෙහිදී පැසසුමට ලක් විය.

ඉකුත් 07 වැනිදා පැවැති මෙම අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී ශ‍්‍රී ලංකාවට සහාය පළ කළේ,

දකුණු, අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ සහ අප්‍රිකානු සමූහයේ පුළුල් පරාසයක රාජ්‍යවලින් ශ්‍රී ලංකාවට සහය ලැබුණි. සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුස්, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානය ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළ රටවල් 31 වෙයි.

දකුණු අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ හා අප‍්‍රිකානු සමූහයේ රටවලින් මෙලෙස සහායක් ලැබීම ගැන ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ප‍්‍රසාදය පළ කර සිටියි.

කොවිඩ්-19 වසංගතය ආශ්‍රිත අභියෝග පැවතිය ද, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළු ජාතික ක්‍රියාදාමයන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ මේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගෝලීය දකුණේ රාජ්‍යන්ගේ මැදිහත්වීම් මගින් පැසසුමට ලක් විය.

මානව හිමිකම් කවුන්සිලයේ සහ ජාත්‍යන්තර ප්‍රජාව ස්වේච්ඡා ජාතික ක්‍රියාවලීන්ට සහය දීමේ වැදගත්කම මෙන්ම අපක්ෂපාතීත්වය, තෝරා නොගැනීම සහ දේශපාලනීකරණය නොකිරීම යන මූලික මූලධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles