Friday, May 17, 2024

ගැටුම් මැද ඥාතීන් සොයා කිලෝ මීටර් 1200ක් දුරක් ඇවිද ආ යුක්රේන දරුවා

යුක්‍රේන – රුසියා අර්බුදය මැද වයස අවුරුදු 11ක දරුවෙක් පිළිබඳව ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.

රුසියා-යුක්‍රේන යුද ගිනිදැල් මැද සැතපුම් 750ක දුරක් තනිවම ගමන්කළ 11 හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකු පිළිබඳව පුවතක්.

මෙම පුවත මේ වනවිට විදෙස් රටවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගින්නක් සේ පැතිර යන අතර දරුවා මෙතරම් දුරක් ගෙවා දමන්නේ ලිඛිත සටහනක්, ප්ලාස්ටික් බෑගයක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ තම පිටි අත්ලේ ලියූ දුරකථන අංකයක් සහිතවයි.

Zaporizhzhia හි යුරෝපයේ විශාලතමබලාගාරයට ප්‍රහාරයක් එල්ලවන අවස්ථාවේ මෙම දරුවාගේ මව මෙම තීරණයක් ගෙන ඇති අතර තම මව තනිකර දමා ඇයට එම ස්ථානයේ පළායාමට නොහැකි වීමත් තම දරුවාගේ දිවි බේරාගැනීමටත් සිතූ මව තීරණය කර ඇත්තේ ස්ලෝවැකියානු දේශසීමාව දක්වා තම දරුවා තනිවම පිටත් කිරීමටයි.

එහිදී Bratislava හි සිටින සිය ඥාතීන් වෙත දරුවා නිරුපද්‍රිතව යනු ඇති බවට එම මව දැඩි විශ්වාසය පල කර තිබෙනවා.

එහිදී ඇය කුඩා ලියවිල්ලක් ඔහුගේ ඉණේ ගසන අතර දරුවාගේ වම් අතෙහි දුරකථන අංකයක් ද ලියා ඇති බව සදහන්ය.

හසන් නැමති මේ දරුවා යුක්‍රේනයේ ගැටුම් පවතින ප්‍රදේශයක් වන ස්පැරෝසාසියාවේ සිට කිලෝ මීටර් 1200ක් දුරින් පිහිටි‍ නෙටෝ රාජ්‍යයක් වන ස්ලෝවැකියාව වෙත ආරක්ෂිතව තනිවම පැමිණ තිබුණා.

සිය අතක ඥාතියෙකුගේ දුරකථන අංකයක් ලියාගත් මේ කුඩා දරුවා කුඩා ගමන්මලු දෙකක් සමඟ සිය විදේශ ගමන් බලපත්‍රයත් රැගෙන මෙලෙස ගොස් තිබුණේ.

හසන්ගේ මවට ඔහු සමඟ පැමිණීමට හැකියාවක් ලැබි තිබුණේ නැහැ, එයට හේතුව වි තිබුණේ හසන්ගේ මවගේ මව වයෝවෘද්ධව සහ අසරණව සිටි නිසයි.

මව විසින් හසන්ව දුම්රියක නංවා තිබුණු අතර ඔහු තනිවම ස්ලෝවැකියාව බලා පැමිණ තිබුණා.

සරණාගතයන්ට පහසුකම් සැලසිම සඳහා ස්ලෝවැකියාවේ සිටින ස්වේඡා සේවකයින් විසින් දරුවාට හොඳින් සංග්‍රහ කොට සලකා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාවේ දැඩි ප්‍රහාරයන් හමුවේ ‍නිර්භීතව කුඩා දරුවෙකු පැමිණිය හැටි ගැන ලෝකයේ බොහෝ දෙනෙක් මවිතයට ද පත්ව තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles