ජූලි 10 තෙක් මිනිස්සුන්ට ඉන්ධන නැහැ! – රජය BREAKING

0
625
BREAKING

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ජුලි 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර අනෙකුත් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තිරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

පාසල් කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පාසල් ප්‍රධානීන්ට ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය රට නැවත අගුලු ලෑමකට ආසන්න තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයන් පවසන අතර කිසිදු පෞද්ගලික වාහනයකට මෙහිදී ඉන්ධන සැපයෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here