Saturday, December 28, 2024

ඥානසාර හිමිගේ බලකාය ගැන නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය නීත්‍යානුකූලව ලබාදී තිබෙන විධායකයේ සහ ව්‍යවස්ථාදාකයේ ජනවරමට පිටුපෑමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දී තිබේ.

එම සංගමය ජනාධිපතිවරයාට මේ බව ලිඛිතව දන්වා යවා ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ සාලිය පීරිස් සහ එම සංගමයේ ලේකම් නීතීඥ රජීව් අමරසූරිය මෙම ලිපියට අත්සන්තබා ඇත. එහි පැහැදිලිව දක්වා තිබෙන්නේ “ජනවරමකින් පත් වූ විධායක බලතල සහ නීත්‍යානුකූලව තේරීපත්වූ මහජන නියෝජිතයන්ගේ බලතල බාහිර ව්‍යූහයකට පවරාදීම මගින් මහජන ස්වෛරී භාවය බිඳවැටෙන” බවය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ සාලිය පීරිස් සහ එම සංගමයේ ලේකම් නීතීඥ රජීව් අමරසූරිය මෙම ලිපියට අත්සන්තබා ඇත. එහි පැහැදිලිව දක්වා තිබෙන්නේ “ජනවරමකින් පත් වූ විධායක බලතල සහ නීත්‍යානුකූලව තේරීපත්වූ මහජන නියෝජිතයන්ගේ බලතල බාහිර ව්‍යූහයකට පවරාදීම මගින් මහජන ස්වෛරී භාවය බිඳවැටෙන” බවය.

නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර ඇති බව පෙන්වාදෙන නීතිඥ සංගමය වෙනත් නීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් ශක්තිමත් කර ඇති බව සිහිපත් කරනවා.

නීතියක් කෙටුම්පත් කිරීම හා දැනට පවතින නීති අධ්‍යයනය කිරීම රජයේ ආයතන ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ යුතු අතර නීති සම්පාදන බලය යනු මහජන ස්වෛරීභාවයේ එක් සාධකයක් බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපිය මගින් පෙන්වා දී තිඛෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles