Friday, May 17, 2024

සීනී සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරයි

සීනී සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරයි – සහල් ආනයනයටත් අවසර

සීනි සඳහා මෙතෙක් පැවති පාලන මිළ ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (03) ප්‍රකාශ කළේ ය.

ඊයේ දිනයේ (02) ආනයනකරුවන් සමඟ පැවති රැස්වීමකදී දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සීනි සහ සිමෙන්ති හිඟයක් පිළිබඳව වාර්තා වූ බවට සඳහන් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රට තුළ සීනි සඳහා වූ පාලන මිළ ඉවත් කිරීමට තමා එකඟ වන බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ සීනි වෙළඳුන් වැඩි මිළට සීනි අලෙවි කිරීම සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙසේ පාලන මිළ ඉවත් කිරීමට හේතු වු සීනී හිඟය ඇතිවූ බවයි.

එමෙන්ම සීනි මිල රු.150 ක සීමාවේ පවත්වාගැනීමට සජ ලෝක වෙළඳපොළෙහි සීනි මිළ අඩුවන විට එම ගණම නැවත පහළ දැමීමට ආනයනකරුවන් එකඟ වූ බවත් අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

ඒ අනුව අද සිට කිලෝවක් රුපියල් 135ත් 140ත් අතර මිලකට සීනි තොග අලෙවිය සිදුවන අතර සිල්ලර මිල තීරණය කර ඇත්තේ රුපියල් 150 සිමාවේ රඳවා ගන්නටයි.

ශ්‍රී ලංකා සීනි ආනයන කරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කලේ සීනි කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍ය වරයා එකඟ වූ බවයි.

එමෙන්ම ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සහල් තොග ආනයනය කිරීමටත් අද සවස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් රැස් වූ ජිවන වියදම් කමිටුව තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles