Saturday, January 11, 2025

ට්‍රම්ප් ලෝක නායකයින්ට දොස් නඟයි

සිය පාලන සමයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රසාදයට ලක් කළ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් වර්තමාන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුලු ලෝක නායකයන්ට චෝදනා කළා.

කෙසේ නමුත් ඔහු රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දැක තිබෙනවා.

එහෙත් තමා ඇමරිකානු ජනපති ධුරයේ සිටියේ නම් එවැන්නක් සිදු නොවන බව ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ 2020 මැතිවරණ ප්‍රතිඵලය යළි අභියෝගයට ලක් කරමිනි.

එමෙන්ම 2024 ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බවට ද හිටපු ජනපති ට්‍රම්ප් එහි දී ඉඟියක් කර තිබෙනවා.

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිවරයාගේ කාල සමයේ දී රුසියාව, ජෝර්ජියාව ආක්‍රමණය කළ බවත්, ජනපති ඔබාමාගේ සමයේ දී යුක්රේනය ආක්‍රමණය කළ බවත් සිහිපත් කළ හිටපු ජනපති ට්‍රම්ප් කියා සිටියේ 21 වැනි සියවසේ දී රුසියාව තවත් රටක් ආක්‍රමණය නොකළේ තම පාලන කාලය තුළ පමණක් බවයි.

යුක්රේන ආක්‍රමණය රුසියානු ජනාධිපති පුටින්ගේ බලගතු බව නිසා සිදුවූවක් නොව ජනපති ජෝ බයිඩ්න්ගේ දුර්වලතාව සහ අනෙකුත් ලෝක නායකයන් මුනිවත රැකීමේ ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනපති ට්‍රම්ප් හැඳින්වූයේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles