Tuesday, May 14, 2024

ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලයේ අගය 30% කින් පහතට

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමත් සමඟ පළමු වරට එරට කොටස් වෙළඳපොලේ රුසියානු මුදල් ඒකකය වන රූබල් හි අගය ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පහත වැටී තිබෙනවා.

රූබලය වාර්තාගත ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව රුසියානු බැංකු Swift ගෙවීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට බටහිර රටවල් තීරණය කිරීම වේ. Swift වෙතින් රුසියානු බැංකු ගණනාවක් ඩවත් කිරීම යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් මේ වන විට රුසියාවට එරෙහිව පනවා ඇති දැඩිම පියවර ලෙස සැලකේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ යන අතරතුර යුරෝ මුදල් ඒකකය ද සියයට එකකින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Bloomberg හි දත්ත වලට අනුව රුසියානු රූබලයේ අගය ඩොලරය සහ යුරෝවට සාපේක්ෂව විශාල කඩාවැටීමකට ලක්ව ඇත. රූබල් අගය විදේශ විනිමය වෙළෙඳපොළේ සර්වකාලීන ඉහළම අගය දක්වා ඉහළ ගොස් ඇති අතර දැන් ඩොලරය රූබල් 107.5 සහ යුරෝව 122 ක් පමණ වේ.

මේ අනුව, ඩොලරය පෙබරවාරි 25 වන දින පෙර වෙළඳ දිනට සාපේක්ෂව සියයට 28.6 ක් පමණ එකතු කරන අතර යුරෝ – සියයට 29.5 කි.විශේෂඥයන් රුසියානු බැංකුවේ වත්කම් කැටි කිරීමේ ස්වරූපයෙන් සම්බාධක පසුබිමට එරෙහිව රූබල් කඩා වැටීම අපේක්ෂා කළහ. විශේෂයෙන්ම, යුනිවර් කැපිටල් ආයෝජන කණ්ඩායමේ ආයෝජන විශ්ලේෂණ අංශයේ ප්‍රධානී ඇන්ඩ්‍රි වර්නිකොව් RIA Novosti වෙත පැවසුවේ ඩොලරය රුබල් 100-120 දක්වා ඉහළ යා හැකි නමුත් මහ බැංකුව ප්‍රධාන අනුපාතිකය ඉහළ නංවන බවත් සතියකින් එ.ජ. මුදල් රූබල් 85 මට්ටමට නැවත පැමිණිය හැකි බවත්ය.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ මෙම සති අන්තයේදී රුසියාවේ සහ යුක්රේනයේ මූල්‍ය හා සමාජ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

තම බැංකු කාඩ්පත් අක්‍රිය කරනු ඇති බවට හෝ මුදල් ලබාගැනීමට සීමාවන් පනවනු ඇතැයි බියෙන් රුසියානු ජාතිකයන් මුදල් ලබාගැනීම සඳහා එරට බැංකු අසළ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම රුසියාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ස්බර්බෑන්ක් හි යුරෝපා මෙහෙයුම් දැනටමත් අකර්මන්‍ය වී ඇති අතර, රුසියානු මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 630ක් වන එරට විදේශ සංචිත භාවිතය වළක්වාලමින් නව තහනමක් ද පනවා තිබෙනවා.

ඒ, එරට රූබල් මුදල් ඒකකය ආරක්ෂා කරගැනීම සඳහායි.

රුසියානු මුදල් ඒකකය වන රූබලයක රුපියලයට සාපේක්ෂව වටිනාකම පසුගිය දින කිහිපය තුළ අවප්‍රමාණ වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

මෙයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ පවතින යුක්‍රේන – රුසියා යුධ තත්වය හේතුවෙන් ඇමරිකාව ඇතුළු ලොව බලවත් රටවල් රැසක් විසින් රුසියාවට සම්බාධක පැනවීමයි.

මෙම සම්බාධක හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රූබලයෙහි අගය 20%කින් පමණ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ රුපියලයට සාපේක්ෂව රූබලයේ අගය වෙනස් වීම පහත පරිදි වේ.

රූබලය කඩා වැටීම පාලනය කිරීම සඳහා රටතුල පොලී මට්ටම දෙගුණයකටත් වඩා ඉහළ දමා ඇති අතර 9.5ක්ව පැවති පොළිය මේ වන විට 20% දක්වා ඉහල ගොස් ඇත. ඇතිවන තත්වයත් සමඟ බැංකු පද්ධතිය මත අධික පීඩනයක් ඇති වේ යැයි බලාපොරොත්තුවෙන් රුසියානු මහ බැංකුව විසින් සංසුන්ව කටයුතු කරන ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තම බැංකු කාර්ඩ් පත් අක්‍රීය වේයැයි හෝ එමගින් මුදල් ගැනීම සීමා කරාවි යැයි වන බිය හේතුවෙන් රුසියානු ජනතාව මේ වන විටත් ATM යන්ත්‍ර ඉදිරිපිට පෝලිම් ගැසී සිටින අයුරු මාධ්‍ය වාර්තා කොට තිබුනා. පීඩනය තවත් දරුණු උවහොත් නැවත වරක් පොලී මට්ඉම ඉහල දැමීම හෝ රට තුලට හෝ රටින් පිටතට රැගෙන යා හැක් මුදල් ප්‍රමාණයන් සීමා කොරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

රුසියාවේ ප්‍රධාන අපනයනයන් වන ගෑස් හා ඛනිජ තෙල් වෙලඳාම විශාල වශයෙන් Swift පද්ධතිය මත රඳා පවතී. රුසියාව ගෝලීය මූල්‍ය පද්ධතිය වෙත ලඟ වීම සඳහා විකල්පයක් සොයා නොගතහොත් ඉරානය හෝ උතුරු කොරියාව මෙන් ගෝලීය ආර්ථිකයෙන් හුදකලා වීම වලක්වාගත නොහැකි වනු ඇත. මේ වන විට රුසියනු මහ බැංකු වත්කම්ද Freeze කිරීමට රටවල් කටයුතු කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් රුසියාව තවදුරටත් හුදකලා කිරීම එම රටවල අරමුණ වේ.

මෙය රුසියාවේ ආර්ථිකයට දරුණු ලෙස බලපානු ඇති බවයි ආර්ථික විශේෂඥයින් සඳහන් කළේ.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් දිගින් දිගටම රුසියාවට එරෙහිව සම්බාධක පැණවූ අතර, එය මෙම කඩා වැටිම සඳහා සෘජුවම බලපා තිබෙනවා.

එමෙන්ම ඒ හා සමගාමීව ඕස්ට්‍රේලියානු ඩොලරය, නවසීලන්ත ඩොලරය මෙන්ම යුරෝ මුදල් ඒකකයද 1%කින් පහත වැටී තිබෙනවා

මේ අනුව, ඩොලරය පෙබරවාරි 25 වන දින පෙර වෙළඳ දිනට සාපේක්ෂව සියයට 28.6 ක් පමණ එකතු කරන අතර යුරෝ – සියයට 29.5 කි.
විශේෂඥයන් රුසියානු බැංකුවේ වත්කම් කැටි කිරීමේ ස්වරූපයෙන් සම්බාධක පසුබිමට එරෙහිව රූබල් කඩා වැටීම අපේක්ෂා කළහ. විශේෂයෙන්ම, යුනිවර් කැපිටල් ආයෝජන කණ්ඩායමේ ආයෝජන විශ්ලේෂණ අංශයේ ප්‍රධානී ඇන්ඩ්‍රි වර්නිකොව් RIA Novosti වෙත පැවසුවේ ඩොලරය රුබල් 100-120 දක්වා ඉහළ යා හැකි නමුත් මහ බැංකුව ප්‍රධාන අනුපාතිකය ඉහළ නංවන බවත් සතියකින් එ.ජ. මුදල් රූබල් 85 මට්ටමට නැවත පැමිණිය හැකි බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles