ඩීසල් හිඟය නිසා රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල විකාශන කටයුතු වලට ද බාධා එල්ල වී ඇත.
එම නාලිකාවල විකාශනාගාරවල කෙරෙන විකාශන කටයුතු, විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවලදී ජෙනරේටර් මගින් සිදුකරන බවත් මේ වන විට ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් නොමැති වීම අර්බුදයක් බවට පත්ව ඇත.
පැය 24 පුරා විකාශන කටයුතු කළ බොහොමයක් විද්‍යුත් විකාශන පවතින තත්ත්වය හේතුවෙන් මේ වන විට රාත්‍රි 9.00 හෝ 10.00 වන විට සිය විකාශන කටයුතු නිමා කිරීමට පෙළඹී ඇතැයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කියයි.
මේ සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට සහ අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා යැවූ බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නුවන් ජූඩ් ලියනගේ මහතා පැවසීය.
මේ සම්බන්ධව අමාත්‍යංශය වෙත දන්වා යැව්වේ ඉකුත් බ්‍රහස්පතින්දා බවත් අමාත්‍යංශය යම් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම කියා සිටී.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පමණක් පැය හතහමාරක විදුලිය විසන්ධි කිරීමට මුහුණ දීම සඳහා විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් මසකට ඩීසල් ලීටර් 102,000ක් අවශ්‍ය වන බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ සම්බන්ධව යම් පියවරක් ගන්නේ දැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉන්ධන සැපයීමේදී ජනමාධ්‍යවලට ප්‍රමුඛතා දෙන්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දන්වා යවන බව ය.
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විකාශකයන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාගෙන එය දැනුම් දීමට කටයුතු කරමින් සිටින බව ද ලේකම්වරයා කීය.
මේ අතර මේ වන විට පුවත්පත් මුද්‍රණය සදහා කඩදාසි හිඟයක්ද පවතිනවා. කලින් ගෙනා තොග අවසන් වූ පසු පුවත්පත් මුද්‍රණය කරන්නේ කෙසේදැයි සියලු පුවත්පත් ප්රකාශයකයන් දැඩි අර්බුදයක සිටින බවයි වාර්ථා වන්නේ. මේ සියලුම අර්බුද ඇතිවී ඇත්තේ ඩොලර් හිග කම නිසා වන අතර මෙවන් ආර්ථික අර්බුදයක් 1977 න් පසුව ලංකාවේ දැකගන්නට නොලැබුන නිසා බොහෝ අයට තම තමන්ට අර්බුදය දැනෙන තුරු මෙය වැටහීමක් නොමැති බව පෙනී යයි.