Friday, May 17, 2024

පෙට්‍රල් මිල රු 300 දක්වාත් ඉහළ යා හැකියි – රනිල්

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිල රු 300 දක්වාත් ඉහල යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ එජාප ආර්ථික සමාලෝචන කණ්ඩායමක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

විශේෂයෙන්ම ලංකාව මේ වන විට මුහුණ දෙන බරපතල ඩොලර් අර්බුදයට අමතරව යුක්රේන රුසියා අර්බුදය මත ලෝක ආර්ථිකය මත ඇතිවී තිබෙන පීඩනය මෙන්ම බොරතෙල් බැරලයේ මිල දිනෙන් දින ඉහල යාම යන කාරනා ගණනාවක් නිසා මේ වසරේ පෙට්‍රල් ලීටරයක මිල රු 300 ත් පසු කරගෙන යාමට හැකි බවයි හිටපු අගමැති වරයා පෙන්වා දී ඇත්තේ.

පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ මාර්තු අප්‍රේල් වන විට මෙවැනි ඩොලර් අර්බුදයක් ඇතිවී විදුලිය තෙල් අර්බුද ඇතිවිය හැකි නිසා ඒ මොහොතේම පියවර ගන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියත් එවකට ඇමතිව සිටි ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩු පාර්ශවය එය හිටපු අගමැතිගේ අනවශ්‍ය කලබල වීමක් බවත් හරිහැටි සියල්ල ආණ්ඩුව කළමනාකරණය කර ඇති බවත් පවසා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles