ඩී.වී. උපුල්ට අමාත්‍යාංශය අහිමි වෙයි

0
345

දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා 1997 වසරේ සිට එම පළාත් සභාව නියෝජනය කර ඇති බව සඳහන්ය.

දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතා ය.

ඒ අනුව ඔහුට අයත්ව තිබු දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල හා ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන යන සියලු අමාත්‍යාංශ ද ගුණසේන මහතාට පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here