ඩොලර් නැති නිසා තවත් විදේශ තානාතිපති කාර්යාල 3 ක් වසයි

0
398

පවතින දැඩි ඩොලර් හිඟය හේතුවෙන් විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල 02ක් සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

බරපතල ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබෙනවා.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකාව මේ වනවිට විදේශ රටවල දූත මණ්ඩල හැට තුනක් පවත්වාගෙන යන අතර මෙම කාර්යාල වසා දැමීමත් සමග එය 60 දක්වා අඩු වෙයි.එම තානාපති කාර්යාල 60 පවත්වාගෙන යාමටද ඩොලර් අර්බුදයෙන් දැඩි ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බවද විදේශ අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

මින් පෙරද තානාපති කාර්යාලය කිපයක් ඩොලර් නොමැතිකම හේතුවෙන් වසා දමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here