Monday, May 6, 2024

සජබයත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම වන සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණයට එළඹ තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් සමන්විත සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයට අමතරව එයට සම්බන්ධ සියලුම පක්ෂ සර්ව සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් මාධ්‍යයට නිකුත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මෙම සමුළුවට සහභාගී නොවීමට ජාතික ජන බලවේගයද තීරණය කල බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.

කෙසේවෙතත් ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ මෙම සමුලුවට සහභාගී වීමටයි.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ – උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ද මෙම සමුලුවට සහභාගී වන්නේ නැහැ.

ඒ වෙනුවට එම සියලු පක්ෂ නියෝජනය වන පරිදි නියෝජිතයන් දෙදෙනෙකු පමණක් ඊට සහභාගී කරවීමට තීරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියාසිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles