Sunday, April 28, 2024

ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑ. මාධ්‍යවල පලවන වාර්තා සත්‍යයෙන් තොරයි. – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ නියමිත බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කරනවා.

ජනාධිපතිවරයා අර්බුද හමුවේ පලායන පුද්ගලයෙක් නොවන බවත් රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ(20) දිනයේ ඇතැම් මාධ්‍ය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවත් ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවති බවත් වාර්තා කර තිබුණා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 23 වැනි බදාදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ද නියමිතය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීම සඳහා මෙම සමුළුව සංවිධානය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles