ඩොලර් මිලියන 138ක මෙගාවොට් 200ක බලාගාරයක් මඩකලපුවට

0
626

මඩකලපුව ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙගාවොට් 200 (MW) විදුලි උත්පාදන ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරිමේ සාකච්ඡාවක් ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්විණි.

අමෙරිකානු ඩොලර් මිලියන 138ක විදේශ ආයෝජනයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීමට නියමිතය.ෙ

එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ එය අනුමත කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරුණි‍ෙ

මෙවැනි ව්‍යාපෘති රටේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් දිරිමත් කිරීමට හේතුවක් වන අතර, මෙම ප්‍රදේශයේ රැකියා අවස්ථා රාශියක් ද නිර්මාණය කරයි.  ඉදිරියේදී මඩකලපුව දිස්ත්‍රික්කයට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපයීමට මෙන්ම රටේ විදුලි අවශ්‍යතාවයටද දායක වීමටත් මෙමගින් අවස්ථාව සැලසෙයි.

මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාකරන්, ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර සැලසුම් අධ්‍යක්ෂවරු, දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක්  සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here